Monday, May 11, 2020

දුම්බර වනපෙත


Nuckels Mountain range දුම්බර වනපෙත.

දුමින් බර දුම්බර වනපෙත මහනුවර දිස්ත්රික්කයට මෙන්ම මාත⁣ලේ් දිස්ත්රික්කයටද අයත් වේ. පුරාතනයේ බටදඩු කදුවැටිය ලෙසින්ද හදුන්වා ඇත. කදුවැටියේ ඉහල පෙදෙස් බට ගස් වලින් සමන්විත වූ නිසා මෙලෙසින් හදුන්වා ඇත. අතක මිට මෙලවූ විට දර්ශනය වන ආකාරය මෙහි එක් කදු වැටියකට ඇති බැවින් විදේශිකයින් විසින් නකල්ස් යන නම භාවිත කෙරුණි. මෙය මධ්යම කදුකරයේ අනෙක් කදුවලින් වෙන් වීමට මහවැලි නදිය ඉවහල් වී ඇත. එම නිසා භූ ගෝලීය ලෙස හුදකලා වීම නිසා පරිණාමය වූ බොහෝ සත්ත්ව වි⁣ශේෂය මෙම කලාපයට අවේනික වේ. අන්තර් මෝසම්, නිවර්තන වැසි, උප කදුකර සහ කදුකර වනාන්තර ලක්ෂණ මෙහි දැකිය හැක. උපරිම උච්චත්වය මුහුදු මට්ටමින් මීටර් 2000 ආසන්න වේ. වනාන්තරයට මායිමව සහ ඒ ආශ්රිතව පුරාන ගම්මාන කිහිපයක් පිහිටා ඇති අතර පෞරාණික සංස්කෘතික ලක්ෂණ වල ශේෂයන් තවමත් දන්නට ලැබේ. මීමුරේ, අරත්තන, පිටවල එ අතරින් කිහිපයකි. දුම්බර අං කටුස්සා, දුම්බර කුරු කටුස්සා සහ රළු ගල් පර මැඩියා මෙම කලාපයට පමනක් ආ⁣වේනික සත්ත්ව විශේෂය ලෙස හදුනා ගෙන ඇත. මෙම වටිනා ජෛවවිවිධත්වයෙන් යුක්ත පරිසර පද්ධතිය රැක ගැනීමට හැකි නන් අයුරින් සහය වෙමු.

©Thanushka Sudasinghe.

No comments:

Post a Comment