Friday, May 22, 2020

කෑදැත්තෝ (Hornbills)


කෑදැත්තන්ව ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ Hornbills නමින්. මෙයට හේතුව තමයි මේ පක්ෂීන්ට තියෙන විශාල අඟක් වැනි හොටය. සාමාන්‍යයෙන් මෙම පක්ෂීන් ජීවත් වන්නේ ආසියාව සහ අප්‍රිකාව ආශ්‍රිතවයි. දැනට පෘථිවිය මත ජීවත් වන විශාලතම කෑදැත්තා තමයි Great Indian Hornbill . මෙම පක්ෂීන් බිත්තර දාන්නේ ගසක බෙනයක. ගැහැණු පක්ෂියා බෙනය තුලට වෙලා බිත්තර රකිද්දී පිරිමි  පක්ෂියා බෙනයේ කටේ පොඩි සිදුරක්   පමනක්  ඉතිරි කරලා ඉතිරි ටික මඩ වලින් ආවරණය කරනවා. මෙම සිදුරෙන් ආහාර පමණයි හුවමාරු කරන්න පුලුවන් වන්නේ. සාමාන්‍යයෙන් මාස තුනක් පමණ ගත වුනාම කිරිල්ලිය මේ බදාමය කඩාගෙන එලියට ඇවිල්ලා නැවත බෙනයේ සිදුර පෙර පරිදිම මඩ වලින් වසනවා. පැටවුන්ට ආහාර දෙන්නෙත් අර කුඩා සිදුරෙන්. පැටවුන් සර්පයින් සහ වෙනත් විලෝපිකයින්ගෙන් ආරක්ෂා කරන්න මෙම චර්යාව පෙන්වනවා  කියලා විද්‍යාඤයින් විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව තුල කෑදැත්තන් විශේෂ දෙකක් ජීවත් වෙනවා. ඒ ශ්‍රී ලංකා අඵ කෑදැත්තා (Sri Lank Grey Hornbill) සහ පෝරු කැදැ.ත්තායි (Malabar Pied Hornbill). අඵ කෑදැත්තා මුඵ ලොවින්ම ලංකාවට පමණක් සීමා වුනු පක්ෂියෙක්. ඒ් කියන්නේ  ලංකාවට ආවේණිකයි. මේ කුරුල්ලන්ගේ ආහාරය වන්නේ පලතුරු සහ කෘමීන්. අඵ කෑදැත්තා ලංකාව පුරාම ව්‍යාප්තිය පෙන්නුම් කරන තරමක් සුලභ පක්ෂියෙක්. නමුත් පෝරු කැදැ.ත්තා නම් වියළි කලාපය තුල තමයි දක්නට ලැබෙන්නේ.


No comments:

Post a Comment