Monday, May 11, 2020

මානව කල්පිත වානරයෝ






ගිබන්(Hylobates), ඔරන්ඔටන්(Pongo), ගෝරිල්ලා(Gorillas), චිම්පන්සීන් සහ බොනොබෝ (Pan) සහ Homo (මානවය⁣ා අයත් ගනය) මෙම කාණ්ඩයට අයත් ගනයන් වේ. මීට වසර මිලියන 25 - 30 ට පෙර පැරණි ලොව වඳුරන්ගෙන් වෙන්ව පරිණාමය වී ඇතැයි සැලකේ. මානව නොවන අනෙකුත් ගනයන් නිවර්තන කලාපයට සීමා වීමක් දක්නට ලැබේ. ගිබන් හැර අනෙකුත් විශේෂ නව හෝ පැරණි ලොව වඳුරන්ට වඩා ප්රමාණයෙන් විශාලය. දිගු පූර්ව ගාත්ර කෙටි අපර ගාත්ර සහ වල්ගයක් නොමැති බව මෙම කාණ්ඩයට ලාක්ෂණිකය. ගිබන් සහ ඔරංඔටන් පමනක් රුක්වාසී දිවියක් ගතකරයි. ගෝරිල්ලන් සහ චිම්පන්සීන් සමාජශීලි දිවිපෙවතක් ගත කරයි. අනෙකුත් ප්රයිමොටාවන් හා සැසඳීමේදී දේහයට සාපේක්ෂව විශාල මොළයකට හිමිකම් කියයි.
© Thanushka Sudasinghe

No comments:

Post a Comment