Tuesday, May 12, 2020

පරිසර පද්ධතියක් තුල ශක්තිය ගලා යාම.

පරිසර පද්ධතියක් තුල ශක්තිය ගලා යාම.

පරිසර පද්ධතියක් තුල ගතික ස්වභාවයට ශක්තිය මෙන්ම පදාර්ථ සැකසීමද ඇතුලත් වේ. කෙසේ නමුත් ශක්තිය ගැලීමේ මූලධර්ම පදාර්ථ වලට වඩා වෙනස් වේ. ශක්තිය ප්රථිචක්රීකරණය කල නොහැක. සූර්යා සිට පැමිණෙන විකිරණ තාපය බවට පත් වීමට පෙර වහා අභ්යවකාෂයට හැරී ගමන් කරයි.
ශක්තිය මෙතරම් ද්රව්ය වලට වඩා වෙනස් වීමට හේතුව කුමක්ද? පළමු පිළිතුර නම් ශක්තිය ආලෝකය, රසායනික බන්ධන තුල, චාලක හා තාපය ආධී විවිධාකාර ස්වරූප වලින් පැවතීමයි.එනමුත් ජෛව ගෝලය තුල ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැක. එය තවත් ශක්ති ආකාරයකට පරිවර්ථනය පමණක් කල හැක.
දෙවන පිළිතුර නම් ජීවීන්ට තාපය තවත් ශක්ති ආකාරයක් බවට පත් කිරීමට ඇති නොහැකියාවයි. ජීවීන් රසායනික බන්ධන තුල හෝ ආලෝක ශක්තිය තාපය බවට පත් කලහොත් එය නැවත පළමු තත්වයට ගත නොහැක.
ශක්තිය සැලකීමේදී පෘථිවිය විවෘත පද්ධතියක් ලෙස සැලකීමට හේතු දෙකක් බලපා ඇත.
ජීවීන්ට භාවිත කල හැක්කේ එක් ආකාරයක ශක්තියක් පමණි. සතුන් රසායනික බන්ධන තුල අඩංගු ශක්තිය ආහාර මගින් ලබා ගන්නා අතර ශාක ශක්තිය ආලෝකය මගින් ලබා ගනී. ශාක හෝ සතුනට තාප ශක්තිය ශක්ති ප්රභවයක් ලෙස භාවිත කල නොහැක.
ශාක හෝ සතුන් රසායනික බන්ධන තුල අඩංගු ශක්තිය හෝ ආලෝක ශක්තිය භාවිත කලත් ඉන් කොටසක් තාපය බවට හැරේ. එම තාපය ඔවුනට භාවිත කිරීමට හෝ මුල් ආකාරයට පත් කල නොහැක.
පෘථීවිය ශක්තිය සදහා විවෘත වීම ජීවීන්ට ඉතා වාසිදායක වේ. ආලෝකය දිනපතා සූර්යා සිට පැමිනේ. ශාක සහ අනෙකුත් ප්රභාසංස්ලේශී ජීවීන්ට මෙම ආලෝකය මගින් කාබනික සංයෝග නිපදවමින් ජීවත් විය හැක. සතුන් ප්රභාසංස්ලේශීන් ආහාරයට ගනිමින් ජීවත් වේ. තාපය පෘථිවියෙන් ඉවත්වන්නේ අදෘශ්යමාන අධෝරක්ත කිරන ලෙසය. ජීවයේ අඛණ්ඩතාවය උදෙසා අලුත් ආලෝක ශක්තිය නිතරම 
 
‍අවශ්යය වේ.
ගෝලීය උණුසුම නියතව තබා ගැනීමට පෘතිවියට ඇතුලුවන සහ පිටවන විකිරණ වල අඩංගු ශක්තිය සමාන විය යුතුය. සමහර මිනිස් ක්රියාකරකම් නිසා වායුගෝලීය සංයුතිය වෙනස් වී විකිරණ පිටවීම අඩුවේ. මෙය හරිතාගාර ආචරනය ලෙස හැදින්වේ.
ස්වයංපෝෂීන් කාබනික සංයෝග අකාබනික සංයෝග මගින් (CO2, H2O සහ NO 3-) සංස්ලේෂණය කරගනී. සමහර ස්වයංපෝෂීන් ආලෝක ශක්තිය ශක්ති ප්රභවය ලෙස උපයෝගීකරගනී, එම නිසා මොවුන් ප්රභාස්වයංපෝෂීන් ලෙස හැදින්වේ. ශාක, ඇල්ගී සහ සයොනොබැක්ටීරියා මෙම කාණ්ඩයට අයත් වේ. අනෙක් ස්වයංපෝෂීන් කාණ්ඩය රසායනිකස්වයංපෝෂීන් නම් වේ. මොවුන් ශක්තිය ලබා ගන්නේ අකාබනික සංයෝග ඔක්සිකරනය කිරීමෙනි.
උදා : ගැඹුරු මුහුදේ ඇති උණු දිය උල්පත් වල ජීවත් වන ක්ෂද්ර ජීවීන් හයිඩ්රජන් සල්ෆයිඩ් ඹක්සිකරනය කිරීම.
සෑම රසායනිකස්වයංපෝෂියෙක්ම ප්රාග්න්යෂ්ඨික වේ.
විෂමපෝෂීන් හට අකාබනික සංයෝග මගින් කාබනික සංයෝග සංස්ලේෂණය කර ගත නොහැක එනමුත් වෙනත් ජීවීන් නිපදවන කාබනික සංයෝග ලබා ගනිමින් ජීවත් විය හැක. මොවුන් කාබනික සංයෝග තුල ඇති බන්ධන බිද දමා එයින් පිටවන ශක්තිය පරිවෟත්තීය ක්රියා සදහා යොදා ගනී. සත්වයින්, දිලීර සහ බොහෝ ක්ෂද්ර ජීවීන් මේ සදහා උදාහරණ වේ.
ජීවී විශේෂ ස්වභාවික පරිසරයේ ජීවත් වන විට එකිනෙකා අහාරයට ගනිමින් යම්කිසි රටාවකට ජීවත් වේ.
උදා : කෘමි විශේෂයක් ශාක ආහාරයට ගැනීම, එම කෘමි විශේෂය හික් මීයකු විසින් ආහාරයට ගැනීම සහ හික් මීයා උකුස්සකු විසින් ආහාරයට ගැනීම.
මෙලෙස ආහාර විශේෂ සතරක් තුලින් රටාවක් ආකාරයට ගමන් කිරීම ආහාර දාමයක් ලෙස හැදින්වේ.
සම්පූර්ණ පරිසර පද්ධතිය තුලම බොහෝ විශේෂ එකම භූමිකාව රගදක්වයි. එකම ශාකය ආහාරයට ගන්නා කෘමි විශේෂ 30 ක් පමන සිටිය හැක.
© Thanushka Sudasinghe.

No comments:

Post a Comment