Monday, May 11, 2020

නියන්ඩතාල්.


නියන්ඩතාල්.
ක්රි.ව. 1856 දී පමන ජර්මනියේ නියැන්ඩර් නිම්නයේ පතල් කම්කරුවන් පිරිසකට ගුහාවකින් පුදුමාකාර මානව පොසිලයක් හමුවුනි. මෙම පොසිලය වසර 40000 පමන පැරනි වූ අතර මෙහි හිස්කබලෙහි ඇහැබැමි කැපීපෙනෙන ලෙස ඝනකම් සහ ඉදිරියට නෙරා ආ එකක් විය. මෙම මානව විශේෂය Homo neanderthalensis යන විද්යාත්මක නාමයෙන් දැනට හදුන්වනු ලබයි. මීට වසර 350000 පමන පෙර සිටම යුරෝපයේ මොවුන් ජීවත්ව සිට ඇති අතර පසුව ඊසාන දිග සහ මධ්යම ආසියාවට, දකුනු සයිබීරියාවට ව්යාප්තව ඇත. වර්තමාන මානවයාට වඩා මොවුන්ගේ කපාල ධාරිතාව වැඩිවූ අතර මලවුන් වැලලීම, දැව සහ ගල් වලින් සෑදූ ආයුධ පරිහරනය මොවුන් විසින් සිදුකර ඇත. එනමුත් මීට වසර 28000 මොවුන් මෙලොවින් සදහටම තුරන් විය.
ප්රවේණික දත්ත අනුව නියන්ඩතාල් සහ වර්තමාන මානවයා එකිනෙකින් වෙන්ව පරිණාමය වී ඇත්තේ මීට වසර 400000 පමන පෙරය. වර්තමාන මානවයා පැවත එන්නේ නියන්ඩතාල් මානවයාගෙන් නොවන මුත් දෙදෙනාගේම මුතුන්මිත්තා එනම් පූර්වජයා එකෙකි. මෙම විෙශ්ෂ දෙක අතර සංසර්ගය සිදුවූවාද යන්න විවාදයට තුඩුදුන් කරුනක් වන මුත් සමහර පොසිල වල DNA නියන්ඩතාල් සහ මානව ලක්ෂණ දක්නට ලැබේ.
© Thanushka Sudasinghe.

No comments:

Post a Comment