Friday, May 22, 2020
කෑදැත්තෝ (Hornbills)
Monday, May 18, 2020
කවුඩා white-bellied drongo
අප වටපිටාවේ දක්නට ලැබෙන සුලභ පක්ෂීන්ගෙන් කෙනෙක් තමයි කවුඩා. මෙයාගේ වල්ගෙ තියෙන සුවිශේෂී රටාව නිසාත් වෙනත් හඬවල් අනුකරණය කිරීමට ඇති හැකියාව නිසාත් මෙයා කාටත් පහසුවෙන් හඳුනාගන්න පුළුවන් සමහර ප්‍රදේශවල මෙයාගේ වල්ග පිහාටුවල සුවිශේෂී හැඩය නිසා මාළු කුරුල්ලා කියලා හඳුන්වන බව නිරීක්ෂණය කරලා තියෙනවා. ප්‍රවීණ පක්ෂි වේදී ගිහාන් ද සිල්වා විජේරත්න මහතාගේ A photo graphic guide to birds of Sri Lanka කියන ග්‍රන්ථයට අනුව මෙයාගේ උප විශේෂ දෙකක් ලංකාවේ දකින්න පුලුවන් ඒ තෙත් කලාපික උප විශේෂය සහ වියලි කලාපික උප විශේෂයයි. මෙම පක්ෂියාගේ breeding season එක එහෙම නැත්නම් අභිජනන සමය මාර්තු සිට මැයි දක්වා පැතිරිලා තියෙනවා බොහෝ අවස්ථාවල ගසක දෙබලක ඉහළ ප්‍රදේශය විවෘත කෝප්පයක් ආකාරයේ කූඩුවක් තමයි සාදන්නේ මහාචාර්ය සරත් කොටගම මහතා ඔහුගේ "සිරිලක කුරුල්ලෝ "යන ග්‍රන්ථයේ සඳහන් කරන ආකාරයට බිත්තර දෙකක් තුනක් පමණ දමන බවයි සඳහන් වන්නේ. බොහෝ අවස්ථාවල ලයිට් කණු වල හා හා වයර් වල වහලා කුඩා කෘමි සතුන් අල්ලන බව නිරීක්ෂණය කරන්න පුළුවන් මෙහි දැක්වෙන ඡායාරූපය අන්තර්ජාලයෙන් ලබාගත් එකක්. එහි අයිතිය එම කර්තෘට හිමි.
Tuesday, May 12, 2020
උරුලෑවා
Small Indian Civet (උරුලෑවා)
Viverricula indica.
රාත්රී කාලයේදී මාර්ග හරහා මාරුවන දර්ශනය සුලබය. රට පුරා විසිරී සිටී. 52 - 60 cm පමණ වන දේහයක් ඇති අතර වල්ගය 34 - 38 පමනය. හදුන් දිවියා යැයි බොහෝ අවස්ථා වල වරදවා හදුනා ගනී. ඡායාරූපය අන්තර්ජාලයනි.
©Thanushka Sudasinghe .
Viverricula indica.
රාත්රී කාලයේදී මාර්ග හරහා මාරුවන දර්ශනය සුලබය. රට පුරා විසිරී සිටී. 52 - 60 cm පමණ වන දේහයක් ඇති අතර වල්ගය 34 - 38 පමනය. හදුන් දිවියා යැයි බොහෝ අවස්ථා වල වරදවා හදුනා ගනී. ඡායාරූපය අන්තර්ජාලයනි.
©Thanushka Sudasinghe .
කාල තුවක්කු උණ්ඩ ගස
කාල තුවක්කු උණ්ඩ ගස.Cannon Ball Tree.(Couroupita guianesis).
මෙය නියම සල් ගස නොවන අතර බ්රිතාන්යන් විසින් 1881 දී ගයානාවේ සිට මෙරටට ගෙනන ලද දකුණු ඇමරිකාව නිජබිම කරගත් ශාකයකි. මෙහි ඵල කාල තුවක්කු උණ්ඩ ආකාරයක් ගන්නා නිසා ඉහත ඉංග්රීසි නම යෙදී ඇත. මෙය 35 m පමණ උසට වැඩෙන පතනශීලී ශාකයකි. ඇමසෝනියානුවන් විසින් ඔෘෂධයක් ලෙස භාවිතයට ගනී. නමුත් බෞද්ධයන් විසින් අදටත් වැරදි වැටහීමකින් සිටින්නේ මෙය සල් ගස කියාය. නියම සල් ශාකය ඉන්දියාව නිජබිම කරගත් ශාකයකි. එය Shorea robusta යන විද්යාත්මක නාමයෙන් හදුන්වයි. එය හිමාලය,මියන්මාරය වැනි උප නිවර්තන කලාපයේ වැඩේ. පේරාදෙණිය උද්භිද උද්යානයේ එක් ශාකයක් ඇත.
- තනුෂ්ක සුදසිංහ
මෙය නියම සල් ගස නොවන අතර බ්රිතාන්යන් විසින් 1881 දී ගයානාවේ සිට මෙරටට ගෙනන ලද දකුණු ඇමරිකාව නිජබිම කරගත් ශාකයකි. මෙහි ඵල කාල තුවක්කු උණ්ඩ ආකාරයක් ගන්නා නිසා ඉහත ඉංග්රීසි නම යෙදී ඇත. මෙය 35 m පමණ උසට වැඩෙන පතනශීලී ශාකයකි. ඇමසෝනියානුවන් විසින් ඔෘෂධයක් ලෙස භාවිතයට ගනී. නමුත් බෞද්ධයන් විසින් අදටත් වැරදි වැටහීමකින් සිටින්නේ මෙය සල් ගස කියාය. නියම සල් ශාකය ඉන්දියාව නිජබිම කරගත් ශාකයකි. එය Shorea robusta යන විද්යාත්මක නාමයෙන් හදුන්වයි. එය හිමාලය,මියන්මාරය වැනි උප නිවර්තන කලාපයේ වැඩේ. පේරාදෙණිය උද්භිද උද්යානයේ එක් ශාකයක් ඇත.
- තනුෂ්ක සුදසිංහ
මුහුදු ඌරා
Sea Pig මුහුදු ඌරා (Dugong dugong).
සයිරෙනියා කුලයට අයත් සිංහලෙන් මුහුදු උරා ලෙසද දෙමළෙන් කාඩාල් පණ්ඩයි ලෙසද ඉංග්රීසියෙන් Sea pig ලෙසින් හදුන්වන මෙම සත්ත්වයාගෙ විද්යාත්මක නාමය වන්නෙDugong dugon ය. මෙම සත්ත්වයා
ලංකාවේ කලපු ආශිත්රව ජලයෙ දිවි ගෙවිය.විශාල ශාක භක්ෂක යකු වන අතර මුහුදු තෘණ ආහාරයට ගනී. දිනකට 25 - 30 kg පමණ ආහාර ලෙස ගනී. කණ්ඩායමක් ලෙස දිවි ගෙවයි. ලිංගිකව පරිණත වීමට වසර 10 -15 පමණ ගතවෙයි. එක් පැටවකු පමණක් බිහිකරන අතර පැටවා වසර 2 ක් පමණ මවගෙන් කිරිඋරා බීම සිදු කරයි.මව විසින් පැටවාට කිරි ලබාදීමෙදී අවල්පත් වලින් ඔසවා ලැමට ලංකර එය සිදුකරන අතර , මිනිස් මවක ළදරුවාට කිරි දෙන අකාරයට සමාන වෙ. ඈත අතීතයෙ සිටම මුහුදු යන්නන් දිය කිඳුරිය ලෙසින් හඳුන්වන්නෙ මෙම
මුහුදු ඌරාමය.
- තනුෂ්ක සුදසිංහ
සයිරෙනියා කුලයට අයත් සිංහලෙන් මුහුදු උරා ලෙසද දෙමළෙන් කාඩාල් පණ්ඩයි ලෙසද ඉංග්රීසියෙන් Sea pig ලෙසින් හදුන්වන මෙම සත්ත්වයාගෙ විද්යාත්මක නාමය වන්නෙDugong dugon ය. මෙම සත්ත්වයා
ලංකාවේ කලපු ආශිත්රව ජලයෙ දිවි ගෙවිය.විශාල ශාක භක්ෂක යකු වන අතර මුහුදු තෘණ ආහාරයට ගනී. දිනකට 25 - 30 kg පමණ ආහාර ලෙස ගනී. කණ්ඩායමක් ලෙස දිවි ගෙවයි. ලිංගිකව පරිණත වීමට වසර 10 -15 පමණ ගතවෙයි. එක් පැටවකු පමණක් බිහිකරන අතර පැටවා වසර 2 ක් පමණ මවගෙන් කිරිඋරා බීම සිදු කරයි.මව විසින් පැටවාට කිරි ලබාදීමෙදී අවල්පත් වලින් ඔසවා ලැමට ලංකර එය සිදුකරන අතර , මිනිස් මවක ළදරුවාට කිරි දෙන අකාරයට සමාන වෙ. ඈත අතීතයෙ සිටම මුහුදු යන්නන් දිය කිඳුරිය ලෙසින් හඳුන්වන්නෙ මෙම
මුහුදු ඌරාමය.
- තනුෂ්ක සුදසිංහ
පරිසර පද්ධතියක් තුල ශක්තිය ගලා යාම.
පරිසර පද්ධතියක් තුල ශක්තිය ගලා යාම.
පරිසර පද්ධතියක් තුල ගතික ස්වභාවයට ශක්තිය මෙන්ම පදාර්ථ සැකසීමද ඇතුලත් වේ. කෙසේ නමුත් ශක්තිය ගැලීමේ මූලධර්ම පදාර්ථ වලට වඩා වෙනස් වේ. ශක්තිය ප්රථිචක්රීකරණය කල නොහැක. සූර්යා සිට පැමිණෙන විකිරණ තාපය බවට පත් වීමට පෙර වහා අභ්යවකාෂයට හැරී ගමන් කරයි.
ශක්තිය මෙතරම් ද්රව්ය වලට වඩා වෙනස් වීමට හේතුව කුමක්ද? පළමු පිළිතුර නම් ශක්තිය ආලෝකය, රසායනික බන්ධන තුල, චාලක හා තාපය ආධී විවිධාකාර ස්වරූප වලින් පැවතීමයි.එනමුත් ජෛව ගෝලය තුල ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැක. එය තවත් ශක්ති ආකාරයකට පරිවර්ථනය පමණක් කල හැක.
දෙවන පිළිතුර නම් ජීවීන්ට තාපය තවත් ශක්ති ආකාරයක් බවට පත් කිරීමට ඇති නොහැකියාවයි. ජීවීන් රසායනික බන්ධන තුල හෝ ආලෝක ශක්තිය තාපය බවට පත් කලහොත් එය නැවත පළමු තත්වයට ගත නොහැක.
ශක්තිය සැලකීමේදී පෘථිවිය විවෘත පද්ධතියක් ලෙස සැලකීමට හේතු දෙකක් බලපා ඇත.
ජීවීන්ට භාවිත කල හැක්කේ එක් ආකාරයක ශක්තියක් පමණි. සතුන් රසායනික බන්ධන තුල අඩංගු ශක්තිය ආහාර මගින් ලබා ගන්නා අතර ශාක ශක්තිය ආලෝකය මගින් ලබා ගනී. ශාක හෝ සතුනට තාප ශක්තිය ශක්ති ප්රභවයක් ලෙස භාවිත කල නොහැක.
ශාක හෝ සතුන් රසායනික බන්ධන තුල අඩංගු ශක්තිය හෝ ආලෝක ශක්තිය භාවිත කලත් ඉන් කොටසක් තාපය බවට හැරේ. එම තාපය ඔවුනට භාවිත කිරීමට හෝ මුල් ආකාරයට පත් කල නොහැක.
පෘථීවිය ශක්තිය සදහා විවෘත වීම ජීවීන්ට ඉතා වාසිදායක වේ. ආලෝකය දිනපතා සූර්යා සිට පැමිනේ. ශාක සහ අනෙකුත් ප්රභාසංස්ලේශී ජීවීන්ට මෙම ආලෝකය මගින් කාබනික සංයෝග නිපදවමින් ජීවත් විය හැක. සතුන් ප්රභාසංස්ලේශීන් ආහාරයට ගනිමින් ජීවත් වේ. තාපය පෘථිවියෙන් ඉවත්වන්නේ අදෘශ්යමාන අධෝරක්ත කිරන ලෙසය. ජීවයේ අඛණ්ඩතාවය උදෙසා අලුත් ආලෝක ශක්තිය නිතරම
අවශ්යය වේ.
ගෝලීය උණුසුම නියතව තබා ගැනීමට පෘතිවියට ඇතුලුවන සහ පිටවන විකිරණ වල අඩංගු ශක්තිය සමාන විය යුතුය. සමහර මිනිස් ක්රියාකරකම් නිසා වායුගෝලීය සංයුතිය වෙනස් වී විකිරණ පිටවීම අඩුවේ. මෙය හරිතාගාර ආචරනය ලෙස හැදින්වේ.
ස්වයංපෝෂීන් කාබනික සංයෝග අකාබනික සංයෝග මගින් (CO2, H2O සහ NO 3-) සංස්ලේෂණය කරගනී. සමහර ස්වයංපෝෂීන් ආලෝක ශක්තිය ශක්ති ප්රභවය ලෙස උපයෝගීකරගනී, එම නිසා මොවුන් ප්රභාස්වයංපෝෂීන් ලෙස හැදින්වේ. ශාක, ඇල්ගී සහ සයොනොබැක්ටීරියා මෙම කාණ්ඩයට අයත් වේ. අනෙක් ස්වයංපෝෂීන් කාණ්ඩය රසායනිකස්වයංපෝෂීන් නම් වේ. මොවුන් ශක්තිය ලබා ගන්නේ අකාබනික සංයෝග ඔක්සිකරනය කිරීමෙනි.
උදා : ගැඹුරු මුහුදේ ඇති උණු දිය උල්පත් වල ජීවත් වන ක්ෂද්ර ජීවීන් හයිඩ්රජන් සල්ෆයිඩ් ඹක්සිකරනය කිරීම.
සෑම රසායනිකස්වයංපෝෂියෙක්ම ප්රාග්න්යෂ්ඨික වේ.
විෂමපෝෂීන් හට අකාබනික සංයෝග මගින් කාබනික සංයෝග සංස්ලේෂණය කර ගත නොහැක එනමුත් වෙනත් ජීවීන් නිපදවන කාබනික සංයෝග ලබා ගනිමින් ජීවත් විය හැක. මොවුන් කාබනික සංයෝග තුල ඇති බන්ධන බිද දමා එයින් පිටවන ශක්තිය පරිවෟත්තීය ක්රියා සදහා යොදා ගනී. සත්වයින්, දිලීර සහ බොහෝ ක්ෂද්ර ජීවීන් මේ සදහා උදාහරණ වේ.
ජීවී විශේෂ ස්වභාවික පරිසරයේ ජීවත් වන විට එකිනෙකා අහාරයට ගනිමින් යම්කිසි රටාවකට ජීවත් වේ.
උදා : කෘමි විශේෂයක් ශාක ආහාරයට ගැනීම, එම කෘමි විශේෂය හික් මීයකු විසින් ආහාරයට ගැනීම සහ හික් මීයා උකුස්සකු විසින් ආහාරයට ගැනීම.
මෙලෙස ආහාර විශේෂ සතරක් තුලින් රටාවක් ආකාරයට ගමන් කිරීම ආහාර දාමයක් ලෙස හැදින්වේ.
සම්පූර්ණ පරිසර පද්ධතිය තුලම බොහෝ විශේෂ එකම භූමිකාව රගදක්වයි. එකම ශාකය ආහාරයට ගන්නා කෘමි විශේෂ 30 ක් පමන සිටිය හැක.
© Thanushka Sudasinghe.
Monday, May 11, 2020
Sambar ගෝනා (Cervus unicolor).
Sambar ගෝනා (Cervus unicolor).
Cervidae කුලයට අයත් ශ්රී ලංකාවේ ජීවත් වන විශාලතම සාමාජිකයාය. දේහ උස 102 -160 cm අතර වේ. දේහ ස්කන්ධය 450 kg පමණය. අං තට්ටුව 110cm පමණ දිගින් යුක්ත වන අතර ස්කන්ධය 300 kg පමණ වේ. වැඩිහිටි පිරිමි සතුන්ට පමණක් අංතට්ටුවක් පිහිටා ඇත. මෙය වසරින් වසර හැලී නැවත වර්ධනය වේ. සවස් කාලයේ සහ රාත්රීයේ වඩාත් ක්රියාශීලී වේ. පිරිමි සතුන් බොහෝ විට තනිව දිවි ගෙවන අතර ගැහැණු සතුන් රංචු වශයෙන් ජීවත් වේ. ආහාර ලෙස තෘණ වර්ග ශාක පත්ර හා පලතුරු ගනී. ගැබ් කාලය මාස 18 පමණය. වරකට එක් පැටවකු පමණක් බිහි කරයි. ලංකාවේ සියලු ප්රධාන වනඋද්යාන වල දැකිය හැකිය. ඡායාරූප අන්තර්ජාලයනි.
© Thanushka Sudasinghe.
Family Cervidae.
කුර සහිත රෝමාන්තිකයින් අයත් වේ. සියල්ලන්ම ශාක භක්ෂක රෝමාන්තිකයින්ය. ඕස්ට්රේලියාව, ඇන්ටාක්ටිකාව හැර අන් සියඵ මහද්වීප තුල දිවි ගෙවයි. කුර දෙකක් සහිත දිගු පාද, කෙටි වල්ගය සහ සමහර විශේෂ වල පිරිමි සතුන්ට පමනක් පිහිටන අං තට්ටුව ලාක්ෂණිකය. විශාලතම සාමාජිකයා වන Moose අඩි 7 ක් පමණ වන අතර කුඩාම සාමාජිකයා වන Andean pudu අඟල් 16 පමණ උසකින් යුතුය.
Flat nosed monkeys
Flat nosed monkeys එනම් පැතලි නාස් ඇති වඳුරන් ලෙසද හදුන්වයි. මෙම වඳුරන්ගේ නාස් විවර පැහැදිලිව පෙනෙන ලෙස වෙන් වී ඇත. එමෙන්ම ඉදිරිපසට යොමු වී ඇත. රුක් වාසීය. පරිග්රාහී වල්ගය ලාක්ෂණිකය. පැරණි ලොව වඳුරන්ගේ මෙන් කොපුල් පැසක් මෙන්ම අතු මත ඉදගැනීමට ඉවහල් වන තට්ටම් කොට්ට නොමැත. දකුණු ඇමරිකානු මහද්වීපය තුල දිවි ගෙවයි. මකුළු වඳුරන්, කැපුචින්, මාර්මොසෙට් මොවුනට උදාහරණ වේ.
©Thanushka Sudasinghe.
මානව කල්පිත වානරයෝ
ගිබන්(Hylobates), ඔරන්ඔටන්(Pongo), ගෝරිල්ලා(Gorillas), චිම්පන්සීන් සහ බොනොබෝ (Pan) සහ Homo (මානවයා අයත් ගනය) මෙම කාණ්ඩයට අයත් ගනයන් වේ. මීට වසර මිලියන 25 - 30 ට පෙර පැරණි ලොව වඳුරන්ගෙන් වෙන්ව පරිණාමය වී ඇතැයි සැලකේ. මානව නොවන අනෙකුත් ගනයන් නිවර්තන කලාපයට සීමා වීමක් දක්නට ලැබේ. ගිබන් හැර අනෙකුත් විශේෂ නව හෝ පැරණි ලොව වඳුරන්ට වඩා ප්රමාණයෙන් විශාලය. දිගු පූර්ව ගාත්ර කෙටි අපර ගාත්ර සහ වල්ගයක් නොමැති බව මෙම කාණ්ඩයට ලාක්ෂණිකය. ගිබන් සහ ඔරංඔටන් පමනක් රුක්වාසී දිවියක් ගතකරයි. ගෝරිල්ලන් සහ චිම්පන්සීන් සමාජශීලි දිවිපෙවතක් ගත කරයි. අනෙකුත් ප්රයිමොටාවන් හා සැසඳීමේදී දේහයට සාපේක්ෂව විශාල මොළයකට හිමිකම් කියයි.
© Thanushka Sudasinghe
මිනිසා සහ බල්ලන්
පුරාතණයේ බල්ලන් දඩයම් කිරීම හා වන සතුන්ගෙන් සහ මිනිස් ආක්රමණිකයන්
පිලිබද අනතුරු අැගවීම සදහා භාවිතා කරන ලදී. පරම්පරා ගණනාවක් ගෙවී යත්ම,
විශේෂ දෙක එකිනෙකා සමඟ හොඳින් සන්නිවේදනය කිරීමට සමත්විය. වඩාත් අවධානයෙන්
සිටි බල්ලන්
ඔවුන්ගේ මානව සගයන්ගේ අවශ්යතා සහ හැඟීම් වලට අමතර සැලකිල්ලක් සහ ආහාර ලැබුණි...
ඔවුන්ගේ මානව සගයන්ගේ අවශ්යතා සහ හැඟීම් වලට අමතර සැලකිල්ලක් සහ ආහාර ලැබුණි...
Charles Darwin (1809 – 1882).
Charles Darwin (1809 – 1882).
චාල්ස් ඩාවින් උපත ලබන ලද්දේ 1809 දී බටහිර එංගලන්තයේ ෂ්රූස්බරීහිදීය. කුඩා කොලුවකු කල සිටම හෙතම ස්වභාවික පරිසරය පිළිබද වූ උද්යෝගයකින් හෙබි පුද්ගලයකු විය. කුඩා කල සිටම මාඵ අැල්ලීම, දඩයම් කිරීම සහ කෘමීන් එක් රැස් කිරීම ඔහුගේ විනෝදාංශ විය. කෙසේ නමුත් වෙෙද්යවරයකු වූ ඩාවින්ගේ පියාට හෙතම වෙෙද්යවරයකු කිරීමෙ වුවමනාව තදින්ම පැවතුනි. ස්වභාවික විද්යාඣයකු ලෙස අනාගතයක් නොමැති යැයි සිතූ ඩාවින්ගෙ පියා, ඹහුව එඩින්බර්ග් වල පැවති වෙෙද්ය විද්යාලයට අැතුලත් කලහ. එහෙත් ඩාවින් හට වෙෙද්ය විද්යාව අප්රියකර විෂයක් විය. ශල්යකර්ම ඹහුට අප්රසන්න විය. ඹහු වෙෙද්ය විද්යාලයට සමු දී පූජකයකු වීම සදහා කේම්බ්රිජ් විශ්ව විද්යාලයට අැතුලත් විය. එකල විද්යාව විෂයක් ලෙස උගැනීමට පූජකයන් හට සිදුවිය.
එහාදී ඩාවින් හට උද්භිද විද්යාව පිළිබද මහාචාර්යවරයකු වූ ජෝන් හෙන්ස්ලෝ මුණ ගැසුනි. ඩාවින් උපාධිය ලබාගත් වහාම මහාචාර්ය හෙන්ස්ලෝ ඔහුව HMS Begal නෙෘකාවේ කැප්ටන් රොබට් ෆිට්ස් රෝයි හට හදුන්වා දුනි. ඒ වන විටත් Begal නෙෘකාව දීර්ග මුහුදු ගමනකට සූදානමින් සිටියේය. ෆිට්ස් රෝයිද නිපුන විද්යාඣයකු වූ අතර ස්වභාවික විද්යාඣයකු ලෙස ඩාවින්ව මුහුදු ගමනට ඒක් කර ගැනීමට කැමැත්ත පල කලේය. දෙදෙනාම සම වයස් වල මෙන්ම ඒකම සමාජ තල වල වූවන් වීමද මෙයට හේතු විය.
ඩාවින් 1831 දෙසැම්බර් මස දිනක නැව් නගින ලදී. මෙම ගමනේ මූලික අරමුණ වූයේ වැඩි විස්තර නොදත් දකුණු අමරිකානු වෙරළ තීරය සිතියමට නැගීමයි. ඩාවින් වැඩි කාලයක් මුහුදු වෙරලේ දහස් ගණන් වූ ශාක, සත්ත්වයින් සහ පොසිල නිරීක්ෂණය සහ ඒකතුකරමින් කාලව ගත කලේය. බ්රසීලයේ තෙත් වනාන්තර, අාජන්ටිනාවෙ විශාල තෘණ භූමි සහ අන්දීස් කදු වල අැති ශාක, සත්ත්ව සහ පොසිල වල ලක්ෂණ ඔහු විස්තර කලේය. ඒමෙන්ම ද. අමරිකාවෙ සෞමය කලාපිකව ජීවත්වන ශාක, සත්ත්වයින් යුරෝපයේ සෞමය කලාපිකව ජීවත්වන ශාක, සතුනට වඩා දකුණු අමරිකානු නිවර්තන කලාපිකව ජීවත්වන ශාක, සත්ත්වයින් සමාන බව ඔහු නිරීක්ෂණය තරන ලදී.
ඒමෙන්ම ඔහු වැඩිකාලයක් භූ ගර්භ විදයාව පිළිබද අවධානය යෙමු කරන ලදී. දීර්ග මුහුදු ගමනේදී අැතිවන මුහුදු උණ නොතකමින් ලෙයාල්ගේ “Principles of Geology “ ග්රන්තය කියවීමට කාලය ගත කලේය. චිලීහි මුහුදු තීරයේ සිදුවූ බිහිසුණු ගිණිකදු විදාරණය ඩාවින් නිරීක්ෂණය කරන ලද අතර මුහුදු තීරයේ වූ ගල් තට්ටුව අඩි කිහිපයක් ඉහලට ඒසවී අැති අාකාරය ඔහු නිරීක්ෂනය කලහ.
අන්දීස් කදු මුදුනේ මුහුදු ජීවීන්ගේ පොසිල අැතිබව නිරීක්ෂනය කල ඩාවින් ඒවාද මෙ අාකාරයෙ භූ විදාරණයක් මගින් ඉහලට ඒසවී අැතිබව ප්රකාශ කලේය. ද. අමරිකාවෙ සිට 900 km අෑතින් නිරක්ෂය අසල වූ ගිණිකදු විදාරණයෙන් අැති වු දූපත් සමූහය වූ ගැලපගෝස් වෙත Begal ලගා වූ විට ඒහි අැති ශාක, සත්ත්ව සහ පොසිල ඩාවින්ව උන්මාදයට පත් කලේය. ඒහිදී ඔහු ඒකතු කරන ලද පක්ෂි විශේෂ ඒකිනෙකා හා සමාන ලෙස පෙනුනද වෙනස් විශේෂ විය. දූපතිකින් දූපතකට ඔවුන්ගේ වෙනස් කම් නිරීක්ෂණය විය. ගැලපගෝස් දූපත් වල ජීවත් වූ බොහො විශේෂ ලෝකයේ වෙනත් ප්රදේශ වල නිරීක්ෂණය කරන ලද ජීවීන් නෙවූහ. මෙම ජීවීන්ද ද. අමරිකාවෙ සිට මෙහි පැමිණ විවිධ විශේෂ පත්වූ ජීවීන් බවට ඩාවින් උපකල්පනය කරන ලදී. ඒම ජීවීන් දූපතෙන් දූපතට වෙනස් ජීවී විශේෂ බවට පත්වන්නට අැති බවට ඔහු සිතුවේය. මෙම සියලු කරුනු අවසානයේ පරිණාමවාදය යන සංකල්පය ගොඩනැන්වීමට හේතු පාදක විය.
© Thanushka Sudasinghe.
නියන්ඩතාල්.
ක්රි.ව. 1856 දී පමන ජර්මනියේ නියැන්ඩර් නිම්නයේ පතල් කම්කරුවන් පිරිසකට ගුහාවකින් පුදුමාකාර මානව පොසිලයක් හමුවුනි. මෙම පොසිලය වසර 40000 පමන පැරනි වූ අතර මෙහි හිස්කබලෙහි ඇහැබැමි කැපීපෙනෙන ලෙස ඝනකම් සහ ඉදිරියට නෙරා ආ එකක් විය. මෙම මානව විශේෂය Homo neanderthalensis යන විද්යාත්මක නාමයෙන් දැනට හදුන්වනු ලබයි. මීට වසර 350000 පමන පෙර සිටම යුරෝපයේ මොවුන් ජීවත්ව සිට ඇති අතර පසුව ඊසාන දිග සහ මධ්යම ආසියාවට, දකුනු සයිබීරියාවට ව්යාප්තව ඇත. වර්තමාන මානවයාට වඩා මොවුන්ගේ කපාල ධාරිතාව වැඩිවූ අතර මලවුන් වැලලීම, දැව සහ ගල් වලින් සෑදූ ආයුධ පරිහරනය මොවුන් විසින් සිදුකර ඇත. එනමුත් මීට වසර 28000 මොවුන් මෙලොවින් සදහටම තුරන් විය.
ප්රවේණික දත්ත අනුව නියන්ඩතාල් සහ වර්තමාන මානවයා එකිනෙකින් වෙන්ව පරිණාමය වී ඇත්තේ මීට වසර 400000 පමන පෙරය. වර්තමාන මානවයා පැවත එන්නේ නියන්ඩතාල් මානවයාගෙන් නොවන මුත් දෙදෙනාගේම මුතුන්මිත්තා එනම් පූර්වජයා එකෙකි. මෙම විෙශ්ෂ දෙක අතර සංසර්ගය සිදුවූවාද යන්න විවාදයට තුඩුදුන් කරුනක් වන මුත් සමහර පොසිල වල DNA නියන්ඩතාල් සහ මානව ලක්ෂණ දක්නට ලැබේ.
© Thanushka Sudasinghe.
Natural History: ආධී මානවයා මෙයින් වසර මිලියන 10 ට පෙර ලෝක දේශගුණ...
Natural History:
ආධී මානවයා මෙයින් වසර මිලියන 10 ට පෙර ලෝක දේශගුණ...: ආධී මානවයා මෙයින් වසර මිලියන 10 ට පෙර ලෝක දේශගුණය වඩාත් සිසිල් වීම ආරම්බ වීමත් සමඟ එකල අප් රිකාවේ තිබූ විශාල වනාන්තර සවානා ස...
ආධී මානවයා මෙයින් වසර මිලියන 10 ට පෙර ලෝක දේශගුණ...: ආධී මානවයා මෙයින් වසර මිලියන 10 ට පෙර ලෝක දේශගුණය වඩාත් සිසිල් වීම ආරම්බ වීමත් සමඟ එකල අප් රිකාවේ තිබූ විශාල වනාන්තර සවානා ස...
දුම්බර වනපෙත
දුමින් බර දුම්බර වනපෙත මහනුවර දිස්ත්රික්කයට මෙන්ම මාතලේ් දිස්ත්රික්කයටද අයත් වේ. පුරාතනයේ බටදඩු කදුවැටිය ලෙසින්ද හදුන්වා ඇත. කදුවැටියේ ඉහල පෙදෙස් බට ගස් වලින් සමන්විත වූ නිසා මෙලෙසින් හදුන්වා ඇත. අතක මිට මෙලවූ විට දර්ශනය වන ආකාරය මෙහි එක් කදු වැටියකට ඇති බැවින් විදේශිකයින් විසින් නකල්ස් යන නම භාවිත කෙරුණි. මෙය මධ්යම කදුකරයේ අනෙක් කදුවලින් වෙන් වීමට මහවැලි නදිය ඉවහල් වී ඇත. එම නිසා භූ ගෝලීය ලෙස හුදකලා වීම නිසා පරිණාමය වූ බොහෝ සත්ත්ව විශේෂය මෙම කලාපයට අවේනික වේ. අන්තර් මෝසම්, නිවර්තන වැසි, උප කදුකර සහ කදුකර වනාන්තර ලක්ෂණ මෙහි දැකිය හැක. උපරිම උච්චත්වය මුහුදු මට්ටමින් මීටර් 2000 ආසන්න වේ. වනාන්තරයට මායිමව සහ ඒ ආශ්රිතව පුරාන ගම්මාන කිහිපයක් පිහිටා ඇති අතර පෞරාණික සංස්කෘතික ලක්ෂණ වල ශේෂයන් තවමත් දන්නට ලැබේ. මීමුරේ, අරත්තන, පිටවල එ අතරින් කිහිපයකි. දුම්බර අං කටුස්සා, දුම්බර කුරු කටුස්සා සහ රළු ගල් පර මැඩියා මෙම කලාපයට පමනක් ආවේනික සත්ත්ව විශේෂය ලෙස හදුනා ගෙන ඇත. මෙම වටිනා ජෛවවිවිධත්වයෙන් යුක්ත පරිසර පද්ධතිය රැක ගැනීමට හැකි නන් අයුරින් සහය වෙමු.
©Thanushka Sudasinghe.
මානව හා නියන්ඩතාල් මානවයා අතර ජාන හුවමාරු වුයේද....?
යුරෝපයෙන් හමුවූ සමහර නියන්ඩතාල ෆොසිල පරික්ෂා කල සමහර පර්යේෂකයින් නියන්ඩතාල් සහ වර්ථමාන මානවයා අතර මි්ශ්ර වූ ලක්ෂණ ඇති පෙන්වා දෙන ලදී. එහිදී උපකල්පනය කරන ලද්දේ යම්,වකවානුවක Homo sapeins සහ නියන්ඩතාලුන් අතර අභිජනනය සිදු වු බවයි. මෙම උපකල්පනය තහවුරු කරනු වස් විවිධ විද්යාඥයින් විසින් පර්යේෂණ පවත්වන ලදී. Richard Green සහ Svanto Paabo යන දෙපල විසින් නියන්ඩතාල් ෆොසිල වලින් ලබා ගත් DNA අනුසාරයෙන් පිළියෙල කරගත් නියන්ඩතාල් ජීනෝමයක් වරතමාන ජිවී මානව ජීනෝම සමඟ සංසංදනයක් කරන ලදී. එහිදී ද. අප්රිකානු, බටහිර අප්රිකානු, ප්රංශය, චීනය සහ පැපුවා නිව් ගිනියාව යන භූ ගෝලීය කලාප වලින් මානව ජීනෝම ලබා ගන්නා ලදී. මෙම පර්යේෂණයෙන් තහවුරු වූයේ නියන්ඩතාල් ජීනෝම වඩාත් සමීප වන්නේ අප්රිකානු නොවන මානව ජීනෝම සමඟ බවයි.
© Thanushka Gayan Sudasinghe.
යුරෝපයෙන් හමුවූ සමහර නියන්ඩතාල ෆොසිල පරික්ෂා කල සමහර පර්යේෂකයින් නියන්ඩතාල් සහ වර්ථමාන මානවයා අතර මි්ශ්ර වූ ලක්ෂණ ඇති පෙන්වා දෙන ලදී. එහිදී උපකල්පනය කරන ලද්දේ යම්,වකවානුවක Homo sapeins සහ නියන්ඩතාලුන් අතර අභිජනනය සිදු වු බවයි. මෙම උපකල්පනය තහවුරු කරනු වස් විවිධ විද්යාඥයින් විසින් පර්යේෂණ පවත්වන ලදී. Richard Green සහ Svanto Paabo යන දෙපල විසින් නියන්ඩතාල් ෆොසිල වලින් ලබා ගත් DNA අනුසාරයෙන් පිළියෙල කරගත් නියන්ඩතාල් ජීනෝමයක් වරතමාන ජිවී මානව ජීනෝම සමඟ සංසංදනයක් කරන ලදී. එහිදී ද. අප්රිකානු, බටහිර අප්රිකානු, ප්රංශය, චීනය සහ පැපුවා නිව් ගිනියාව යන භූ ගෝලීය කලාප වලින් මානව ජීනෝම ලබා ගන්නා ලදී. මෙම පර්යේෂණයෙන් තහවුරු වූයේ නියන්ඩතාල් ජීනෝම වඩාත් සමීප වන්නේ අප්රිකානු නොවන මානව ජීනෝම සමඟ බවයි.
© Thanushka Gayan Sudasinghe.
ආධී මානවයා
මෙයින් වසර මිලියන 10 ට පෙර ලෝක දේශගුණය වඩාත් සිසිල් වීම ආරම්බ වීමත් සමඟ එකල අප්රිකාවේ තිබූ විශාල වනාන්තර සවානා සහ විවෘත භූමි මඟින් ප්රතිස්ථාපනය විම ආරම්බ විය. මෙම වෙනසට ප්රතිචාර ලෙස නව Hominoid කාණ්ඩයක් පරිණාමය වුනි. සෘජු කාය විලාසයක් ඇති ද්විපාද සංචරනයට හුරු වූ මොවුන් Hominids ලෙස හඳුන්වයි. Hominid කාණ්ඩයට Homo ගණයට අයත් වූ විශේෂ 3 ත් 7ත් අතර සංඛ්යාවක් ජීවත් වී ඇත. දැනට හමු වී ඇති මුල්ම Hominid ෆොසිලය Australopithecine ලෙස හඳුන්වන අතර එය වසර මිලියන 6 -7 තරම් පැරණිය. දේහ ස්කන්ධය 18 kg වූ අතර උස 1 m පමනය. කපාල ධාරිතාව 500 cm3 පමණ විය. නමුත් Homo ගනයට අයත් විශේෂ වල කපාල ධාරිතාව 600 cm3 වඩා වැඩිය.මෙම මුල්ම සාමාජිකයා ද්විපාද සංචරනයට හුරුවූවකුයැයි සලකනු ලැබේ. නැගෙනහිර අප්රිකාවේ Laetoli නිම්නයේ හමු වූ ෆොසිලීකරණයට ලක් වූ පා සලකනු මේ සඳහා කදිම සාක්ෂි සපයයි. මෙහි පා සලකුණු 69 ක් හමුවන අතර එකිනෙකාට උසින් අසමාන දෙදෙනකු 27m දුර ගමන්කළ අඩි සලකනු මෙසේ සංරක්ෂණය වී ඇත. මේවා වසර මිලියන 3.7 පැරණිය. මුලින්ම පරිණාමය වූයේ විශාල මොළයද නැතහොත් ද්විපාද සංචරන විලාසයද යන්න ප්රධාන ගුරුකුල දෙකක් අතර මත දෙකක් විය. මුලින්ම කපාල ධාරිතාව වැඩි වී පසුව ද්විපාද සංචරනයට හුරුවූවා යන්න එක් ගුරු කුලයක මතය වූ අතර ද්විපාද සංචරනය විශාල කපාල ධාරිතාව ඇතිවීමට මගපෑදුවා යන්න අනෙක් මතය විය. පසුකාලීනව හමුවූ ෆොසිල සාක්ෂි මත ද්විපාද සංචරනය මුලින්ම ආරම්බ වූවා යැයි පිලිගැනේ. වසර මිලියන 4 ක් පැරණි අපි්රකාවෙන් හමු වූ ෆොසිලයක් මේ සඳහා සාක්ෂි සපයයි. වසර මිලියන 2 ක් වන තුරු කපාල ධාරිතාව වැඩි වී නැත. ද්විපාද සංචරනයට හුරු වූ ආකාරය පිළිබදව මේ දක්වා පැහැදිලි අදහසක් ඉදිරිපත් වී නැත. මේ සඳහා විවිධ මත ඇත. ද්විපාද සංචරනය වේගවත් අඩු ශක්තියක් වැයවන කි්රයාවලියක් යන්න; සෘජුකාය විලාසය ශාක ඵල නෙලා ගැනීම පහසු කිරීම සහ උස් තෘණ ශාක තුලින් බැලිය හැක වීම; අවම සූර්යාලෝකය ප්රමාණයකට දේහය නිරාවරණය වීම; අර්ධ ජලචර දිවියක් ගත කිරීමට උපකාරී වීම; පූර්ව පාද නිදහස් වීම නිසා ආහාර රැගෙන යාම පහසු වීම යන්න ඉන් සමහරකි. ද්විපාද සංචරනය ඇති වූ ආකාරය අදටත් අභිරහසකි.
© Thanushka Sudasinghe.
Subscribe to:
Posts (Atom)