Monday, May 11, 2020



ආධී මානවයා

මෙයින් වසර මිලියන 10 ට පෙර ලෝක දේශගුණය වඩාත් සිසිල් වීම ආරම්බ වීමත් සමඟ එකල අප්රිකාවේ තිබූ විශාල වනාන්තර සවානා සහ විවෘත භූමි මඟින් ප්රතිස්ථාපනය විම ආරම්බ විය. මෙම වෙනසට ප්රතිචාර ලෙස නව Hominoid කාණ්ඩයක් පරිණාමය වුනි. සෘජු කාය විලාසයක් ඇති ද්විපාද සංචරනයට හුරු වූ මොවුන් Hominids ලෙස හඳුන්වයි. Hominid කාණ්ඩයට Homo ගණයට අයත් වූ විශේෂ 3 ත් 7ත් අතර සංඛ්යාවක් ජීවත් වී ඇත. දැනට හමු වී ඇති මුල්ම Hominid ෆොසිලය Australopithecine ලෙස හඳුන්වන අතර එය වසර මිලියන 6 -7 තරම් පැරණිය. දේහ ස්කන්ධය 18 kg වූ අතර උස 1 m පමනය. කපාල ධාරිතාව 500 cm3 පමණ විය. නමුත් Homo ගනයට අයත් විශේෂ වල කපාල ධාරිතාව 600 cm3 වඩා වැඩිය.මෙම මුල්ම සාමාජිකයා ද්විපාද සංචරනයට හුරුවූවකුයැයි සලකනු ලැබේ. නැගෙනහිර අප්රිකාවේ Laetoli නිම්නයේ හමු වූ ෆොසිලීකරණයට ලක් වූ පා සලකනු මේ සඳහා කදිම සාක්ෂි සපයයි. මෙහි පා සලකුණු 69 ක් හමුවන අතර එකිනෙකාට උසින් අසමාන දෙදෙනකු 27m දුර ගමන්කළ අඩි සලකනු මෙසේ සංරක්ෂණය වී ඇත. මේවා වසර මිලියන 3.7 පැරණිය. මුලින්ම පරිණාමය වූයේ විශාල මොළයද නැතහොත් ද්විපාද සංචරන විලාසයද යන්න ප්රධාන ගුරුකුල දෙකක් අතර මත දෙකක් විය. මුලින්ම කපාල ධාරිතාව වැඩි වී පසුව ද්විපාද සංචරනයට හුරුවූවා යන්න එක් ගුරු කුලයක මතය වූ අතර ද්විපාද සංචරනය විශාල කපාල ධාරිතාව ඇතිවීමට මගපෑදුවා යන්න අනෙක් මතය විය. පසුකාලීනව හමුවූ ෆොසිල සාක්ෂි මත ද්විපාද සංචරනය මුලින්ම ආරම්බ වූවා යැයි පිලිගැනේ. වසර මිලියන 4 ක් පැරණි අපි්රකාවෙන් හමු වූ ෆොසිලයක් මේ සඳහා සාක්ෂි සපයයි. වසර මිලියන 2 ක් වන තුරු කපාල ධාරිතාව වැඩි වී නැත. ද්විපාද සංචරනයට හුරු වූ ආකාරය පිළිබදව මේ දක්වා පැහැදිලි අදහසක් ඉදිරිපත් වී නැත. මේ සඳහා විවිධ මත ඇත. ද්විපාද සංචරනය වේගවත් අඩු ශක්තියක් වැයවන කි්රයාවලියක් යන්න; සෘජුකාය විලාසය ශාක ඵල නෙලා ගැනීම පහසු කිරීම සහ උස් තෘණ ශාක තුලින් බැලිය හැක වීම; අවම සූර්යාලෝකය ප්රමාණයකට දේහය නිරාවරණය වීම; අර්ධ ජලචර දිවියක් ගත කිරීමට උපකාරී වීම; පූර්ව පාද නිදහස් වීම නිසා ආහාර රැගෙන යාම පහසු වීම යන්න ඉන් සමහරකි. ද්විපාද සංචරනය ඇති වූ ආකාරය අදටත් අභිරහසකි.

© Thanushka Sudasinghe.

No comments:

Post a Comment