Thursday, November 16, 2023

ශාක භක්ෂකතාව.
ශාක කොටස් සහ ඇල්ගී ආහාරයට ගන්නා සතුන් ශාක සමඟ ඇති අන්තර්සම්භන්ධතාවය ශාක භක්ෂකතාව අර්ථ දැක්වීම සඳහා පරිසර විද්‍යාඥයින් යොදා ගන්නා නිර්වචනයයි. අපට වඩාත් හුරුපුරුදු ගවයින්, බැටළුවන් සහ කුළු හරකුන් මෙන්ම අපෘෂ්ඨවංශික තණකොල පෙත්තන්, දළබුවන් සහ කුරුමිණියන්ද ශාක භක්ෂකයින් ලෙස සැලකේ. සාගරවාසී ශාක භක්ෂකයින් ලෙස මුහුදු ඉකිරි,සමහර නිවර්තන මත්ස්‍යයන් සහ ක්ෂීරපායින් උදාහරණ ලෙස ගත හැක. මාංෂභක්ෂක විලෝපිකයින්ට මෙන්ම ශාක භක්ෂකයින්හටද සුවිශේෂී වූ අනුවර්තන ඇත. ශාක වල පෝෂණිය අගය සහ විෂ වෙන්කර හඳුනාගත හැකි සුවිශේෂී වූ සංවේදක සමහර කෘමීන්ගේ පාදවල පිහිටා ඇත. එළුවන් වැනි සතුන් ආහාරයට සුදුසු ශාක ගන්ධය මඟින් හඳුනා ගනී. එමෙන්ම මල් වැනි ආහාරයට යෝග්‍ය කොටස් හඳුනාගැනීමේ හැකියාව ඔවුනට ඇත. ​ශාක ආහාරයට ගන්නා සතුන්ට එම ආහාර සැකසීම සඳහා සුවිශේෂී වූ දත් සහ ආහාර මාර්ග පද්ධතියක් පිහිටා ඇත. විලොපිකයින්ගෙන් බෙරී පාල යාමට අනුවර්තන සතුන්ගේ දක්නට ලැබෙන මුත් එක තැනකට සවිවී සිටින ශාක වලට ශාක භක්ෂකයින්ගෙන් බේරී සිටිමට එවැනි හැකියා

වක් නොමැත. එහෙයින් ශාක භක්ෂකතාවයෙන් බේරී සිටිමට ශාකද විවිධ අනුවර්තන පෙන්නුම් කරයි. උදාහරණ ලෙස ගතහොත් කටු සහ තුණ්ඩ දැරීම, විෂ සංඝටක දරා සිටීම සැලකිය හැකිය.  මෙම විෂ සංඝටක මිනිසුන්ට විෂ නොවුනත් අප්‍රසන්න රසයක් ඇති කරයි. සමහර ශාක නිපදවන රසායනික ද්‍රව්‍ය ඒවා ආහාරයට ගන්නා කෘමීන් තුල අසාමාන්‍ය විකසනයන් ඇති කරයි.

Saturday, October 9, 2021

ශ්‍රී ලංකා පක්ෂු කන් බස්සා
Sri Lanka Serendib Scops - owl
𝙊𝙩𝙪𝙨 𝙩𝙝𝙞𝙡𝙤𝙝𝙤𝙛𝙛𝙢𝙖𝙣𝙣𝙞

@@@@@@@@@@@@@@@@@@

රතුවන් දුඹුරු පැහැතිය. කළුවන් කෙටි ඉරි හිසමත දැකිය හැක. ශරීරයේ පහල කොටස කළු තිත් දැකිය හැක. බඩ පෙදෙස සුදු පැහැති අතර තිත් නොමැත. පිරිමි පක්ෂීන්ගේ ඇස් තැඹිලි පැහැ වන අතර කිරිල්ලියගේ කහ පැහැතිය. විශාල කහ වරණයෙන් යුක්ත හොටකි. කුඩා කන් ගොනු දැකිය හැක. අභිජනනය පිළිබඳ පැහැදිලි තොරතුරු වාර්ථා නොවේ. තෙත් කලාපික වැසි වනාන්තර වල දැකිය හැකිය. අන්තරායට ලක්වූ ආවේණික පක්ෂි
වි​ශේෂයකි.

( ඡායාරූප අන්තර්ජාලයෙනි).

ආශ්‍රිත ග්‍රන්ථ .
Kotagama,S.Ratnavira,G.2017Birds of Sri Lanka an Ilustrated guide.

Saturday, December 19, 2020

බිඟුහරයන්

බිඟුහරයන්

Bee - eaters

මුලු ලෝකය පුරා බිඟුහරයන් විශේෂ 34 ක් පමණ මේ දක්වා හඳුනාගෙන ඇති අතර එයින් විශේෂ 4 ක් ශ්‍රී ලංකාව තුල දක්නට ලැබේ. තඹලහිස් බිඟුහරයා Chesnut - head Bee -eater, පුංචි බිඟුහරයා Asian Green Bee - eater, නිල් පෙඳ බිඟුහරයා Blue- tailed Bee eater, යුරෝපා බිඟුහරයා European Bee - eater එම විශේෂ ලෙස සැලකිය හැකිය. මෙයින් අවසන්  විශේෂ  දෙක පර්යටන පක්ෂීන්  ලෙස මෙරටට පැමිණේ.ඉතා වර්ණවත් පක්ෂි කාණ්ඩයක් වන බිඟුහරයන් ප්‍රධාන වශයෙන් කෘමීන්  මත යැපේ. ගං ඉවුරක  හෝ වැලි තලාවක ඔවුන් විසින්ම සාදන ලද කුහරයක් තුල ගැහැනු පක්ෂියා විසින් බිත්තර  2 සිට 7 දක්වා ප්‍රමානයක් දමනු ලැබේ. 
(ඡායාරූප අන්තරජාලයෙනි ).

ආශ්‍රිත ග්‍රන්ථ .
Kotagama,S.Ratnavira,G.2017Birds of Sri Lanka an Ilustrated guide: 351-353.

Friday, May 22, 2020

කෑදැත්තෝ (Hornbills)


කෑදැත්තන්ව ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ Hornbills නමින්. මෙයට හේතුව තමයි මේ පක්ෂීන්ට තියෙන විශාල අඟක් වැනි හොටය. සාමාන්‍යයෙන් මෙම පක්ෂීන් ජීවත් වන්නේ ආසියාව සහ අප්‍රිකාව ආශ්‍රිතවයි. දැනට පෘථිවිය මත ජීවත් වන විශාලතම කෑදැත්තා තමයි Great Indian Hornbill . මෙම පක්ෂීන් බිත්තර දාන්නේ ගසක බෙනයක. ගැහැණු පක්ෂියා බෙනය තුලට වෙලා බිත්තර රකිද්දී පිරිමි  පක්ෂියා බෙනයේ කටේ පොඩි සිදුරක්   පමනක්  ඉතිරි කරලා ඉතිරි ටික මඩ වලින් ආවරණය කරනවා. මෙම සිදුරෙන් ආහාර පමණයි හුවමාරු කරන්න පුලුවන් වන්නේ. සාමාන්‍යයෙන් මාස තුනක් පමණ ගත වුනාම කිරිල්ලිය මේ බදාමය කඩාගෙන එලියට ඇවිල්ලා නැවත බෙනයේ සිදුර පෙර පරිදිම මඩ වලින් වසනවා. පැටවුන්ට ආහාර දෙන්නෙත් අර කුඩා සිදුරෙන්. පැටවුන් සර්පයින් සහ වෙනත් විලෝපිකයින්ගෙන් ආරක්ෂා කරන්න මෙම චර්යාව පෙන්වනවා  කියලා විද්‍යාඤයින් විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව තුල කෑදැත්තන් විශේෂ දෙකක් ජීවත් වෙනවා. ඒ ශ්‍රී ලංකා අඵ කෑදැත්තා (Sri Lank Grey Hornbill) සහ පෝරු කැදැ.ත්තායි (Malabar Pied Hornbill). අඵ කෑදැත්තා මුඵ ලොවින්ම ලංකාවට පමණක් සීමා වුනු පක්ෂියෙක්. ඒ් කියන්නේ  ලංකාවට ආවේණිකයි. මේ කුරුල්ලන්ගේ ආහාරය වන්නේ පලතුරු සහ කෘමීන්. අඵ කෑදැත්තා ලංකාව පුරාම ව්‍යාප්තිය පෙන්නුම් කරන තරමක් සුලභ පක්ෂියෙක්. නමුත් පෝරු කැදැ.ත්තා නම් වියළි කලාපය තුල තමයි දක්නට ලැබෙන්නේ.


Monday, May 18, 2020

කවුඩා white-bellied drongo

අප වටපිටාවේ දක්නට ලැබෙන සුලභ පක්ෂීන්ගෙන් කෙනෙක් තමයි කවුඩා.  මෙයාගේ වල්ගෙ තියෙන සුවිශේෂී රටාව නිසාත් වෙනත් හඬවල් අනුකරණය කිරීමට ඇති හැකියාව නිසාත් මෙයා කාටත් පහසුවෙන් හඳුනාගන්න පුළුවන් සමහර ප්‍රදේශවල මෙයාගේ වල්ග පිහාටුවල සුවිශේෂී හැඩය නිසා මාළු කුරුල්ලා කියලා හඳුන්වන බව නිරීක්ෂණය කරලා තියෙනවා.  ප්‍රවීණ පක්ෂි වේදී ගිහාන් ද සිල්වා විජේරත්න මහතාගේ A photo graphic guide to birds of Sri Lanka කියන ග්‍රන්ථයට අනුව මෙයාගේ උප විශේෂ දෙකක් ලංකාවේ දකින්න පුලුවන් ඒ තෙත් කලාපික උප විශේෂය සහ වියලි කලාපික උප විශේෂයයි. මෙම පක්ෂියාගේ breeding season එක එහෙම නැත්නම් අභිජනන සමය මාර්තු සිට මැයි දක්වා පැතිරිලා තියෙනවා බොහෝ අවස්ථාවල ගසක දෙබලක ඉහළ ප්‍රදේශය විවෘත කෝප්පයක් ආකාරයේ කූඩුවක් තමයි සාදන්නේ මහාචාර්ය සරත් කොටගම මහතා ඔහුගේ "සිරිලක කුරුල්ලෝ "යන ග්‍රන්ථයේ සඳහන් කරන ආකාරයට බිත්තර දෙකක් තුනක් පමණ දමන බවයි සඳහන් වන්නේ. බොහෝ අවස්ථාවල ලයිට් කණු වල හා හා වයර් වල වහලා කුඩා කෘමි සතුන් අල්ලන බව නිරීක්ෂණය කරන්න පුළුවන් මෙහි දැක්වෙන ඡායාරූපය අන්තර්ජාලයෙන් ලබාගත් එකක්. එහි අයිතිය එම කර්තෘට හිමි.