ශාක භක්ෂකතාව.
ශාක කොටස් සහ ඇල්ගී ආහාරයට ගන්නා සතුන් ශාක සමඟ ඇති අන්තර්සම්භන්ධතාවය ශාක භක්ෂකතාව අර්ථ දැක්වීම සඳහා පරිසර විද්‍යාඥයින් යොදා ගන්නා නිර්වචනයයි. අපට වඩාත් හුරුපුරුදු ගවයින්, බැටළුවන් සහ කුළු හරකුන් මෙන්ම අපෘෂ්ඨවංශික තණකොල පෙත්තන්, දළබුවන් සහ කුරුමිණියන්ද ශාක භක්ෂකයින් ලෙස සැලකේ. සාගරවාසී ශාක භක්ෂකයින් ලෙස මුහුදු ඉකිරි,සමහර නිවර්තන මත්ස්‍යයන් සහ ක්ෂීරපායින් උදාහරණ ලෙස ගත හැක. මාංෂභක්ෂක විලෝපිකයින්ට මෙන්ම ශාක භක්ෂකයින්හටද සුවිශේෂී වූ අනුවර්තන ඇත. ශාක වල පෝෂණිය අගය සහ විෂ වෙන්කර හඳුනාගත හැකි සුවිශේෂී වූ සංවේදක සමහර කෘමීන්ගේ පාදවල පිහිටා ඇත. එළුවන් වැනි සතුන් ආහාරයට සුදුසු ශාක ගන්ධය මඟින් හඳුනා ගනී. එමෙන්ම මල් වැනි ආහාරයට යෝග්‍ය කොටස් හඳුනාගැනීමේ හැකියාව ඔවුනට ඇත. ශාක ආහාරයට ගන්නා සතුන්ට එම ආහාර සැකසීම සඳහා සුවිශේෂී වූ දත් සහ ආහාර මාර්ග පද්ධතියක් පිහිටා ඇත. විලොපිකයින්ගෙන් බෙරී පාල යාමට අනුවර්තන සතුන්ගේ දක්නට ලැබෙන මුත් එක තැනකට සවිවී සිටින ශාක වලට ශාක භක්ෂකයින්ගෙන් බේරී සිටිමට එවැනි හැකියා
වක් නොමැත. එහෙයින් ශාක භක්ෂකතාවයෙන් බේරී සිටිමට ශාකද විවිධ අනුවර්තන පෙන්නුම් කරයි. උදාහරණ ලෙස ගතහොත් කටු සහ තුණ්ඩ දැරීම, විෂ සංඝටක දරා සිටීම සැලකිය හැකිය. මෙම විෂ සංඝටක මිනිසුන්ට විෂ නොවුනත් අප්‍රසන්න රසයක් ඇති කරයි. සමහර ශාක නිපදවන රසායනික ද්‍රව්‍ය ඒවා ආහාරයට ගන්නා කෘමීන් තුල අසාමාන්‍ය විකසනයන් ඇති කරයි.

No comments:
Post a Comment